මුම්බායි ඉන්දියන්ස් සිව්වන වරටත් IPL කිරුළ දිනාගනී
ලසිත් මාලිංගගේ සුපිරි අවසන් පන්දුවාරය හමුවේ සිව්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
ඒ අවසන් මහා තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමිනි.
මහේල ජයවර්ධන පුහුණුකාරිත්ව දැරු අවස්ථා 3 න් 2 කදී එ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL ශූරතාව දිනා ගැනීම විශේෂත්වයකි.
හයිද්‍රබාදීහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 149 ක් රැස් කළේ ය.
ක්වින්ටන් ඩි කොක් ලකුනූ 29 ක් රැස් කළ අතර ඉශාන් කිශාන් ලකුණු 23 යි.
නායක රෝහිත් ශර්මා සහා සූර්යකුමාර් යාදෙව් ලකුණු 15 බැගින් රැස් කළ අතර හර්දික් පාන්ඩ්‍යා ලකුණූ 16 ක් රැස් කළහ.
නොදැවී කඩුල්ලේ රැදි සිටි කිරන් පොලාඩ් පන්දු 25කදී හතරේ පහර 3 ක් සහා හයේ පහර 3 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 41කි.
පන්දු යැවීමේදී දීපක් චහාර් කඩුලු 3 ක් දවා ගත් අතර ශර්දූල් තාකූර් සහා ඉම්රාන් ටහීර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
අනතුරුව ලකුණු 150 ක ජයග්‍රාහී ඉලක්කයක් සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 148 ක් පමණි.
ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 26 ක් රැස් කළ අතර ශේන් වොට්සන් ලකුණු 80ක් රැස් කළේ ය.
ශේන් වොට්සන් ලබා දුන් උඩ පන්දු කිහිපයක් මුම්බායි පන්දු රකින්නන් අතින් ගිලිහී යාම විශේෂත්වයකි.
ඩ්වේන් බ්‍රවෝ ලකුණු 15 යි.
පන්දු යැවීමේ දී ජෙස්ප්‍රිට් බුම්රා ලකුණු 14කට කඩුලු 2ක් බිඳ හෙළී ය.
අවසන් පන්දුවාරයේ දී චෙන්නායි කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 9ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරය යවනු ලැබුවේ ලසිත් මාලිංග විසිනි.
තරගයේ අවසන් පන්දුවට චෙන්නායි කණ්ඩායමට තරගය ජය ගැනීමට ලකුණු දෙකක් අවශ්‍ය වූ නමුත් එම පන්දුවේ දී ශර්දුල් තාකූර්ගේ කඩුල්ල දවා ගත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිව්වන වරටත් IPL ශූරතාවය හිමි කර දීමට සමත් විය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2013, 2015 සහ 2017 යන වසරවලදී මීට පෙර IPL ශූරතාවය දිනා ගැනීමට සමත්කම් දක්වා තිබිණ.
ඒ අනුව මෙවර ලැබූ තරගාවලි ජයත් සමගින් රෝහිත් ශර්මා නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තා අතරට එක් වූයේ වැඩිම වාර ගණනක් IPL ශූරතාවය දිනා ගත් කණ්ඩායම ලෙසයි.
අවසන් තරගයේ වීරයා ලෙස ජෙස්ප්‍රිට් බුම්රා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඔන්ඩ්‍රේ රසල් තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබී ය.
Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy today match with
1xbet:https: https://bit.ly/2JhCDB9
ඔබට ඉතාමත් පහසුවෙන් ලියාපදිංචි වීමට පහත තිබෙන ලින්ක් එක භාවිතා කරන්න.ඒ සමගම පහත තිබෙන බෝනුස් අංකය භාවිත කර ඔබ තැන්පත් කරන මුදලට 100% තැන්පතුවක් පළමු තැන්පතුවට ලැබෙයි.ඔබත් අදම 1xbet.com ලියාපදිංචි වී විශාල මුදල් ප්‍රමානයක් ජයග්‍රහණය කරගන්න. ( Bonus Code : 1x_53105)





Comments
Post a Comment