Sri Lankan Cricket Heros: Angelo Mathews
ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ස්වභාව ධර්මයා විසින් ලබාදුන් දායාදයකි. අඩු වයසකින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ඇතුලුවී එහි නායකත්වයට පත්ව අවුරුදු 25 වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායකත්වයට පත්වූයේ ශ්‍රී ලංකාවේ එම තනතුරට පත්වූ බාලම නායකයා ලෙසිනි.
ටෙස්ට් එක්දින තරගාවලියන් දෙකේදීම ලකුණු පන්දහස ඉක්මවා ලබා සිටින වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම්වල එකම පිතිකරුවා මොහුය. මෙම ලකුණු රැස්කිරීමේ විශේෂත්වයක් වන්නේ ටෙස්ට් ඉනිමක ලකුණු 44.79ක සාමාන්‍යයක්ද එක්දින ඉනිමක ලකුණු 42.36ක සාමාන්‍යයක්ද රැස් කරමින් ලකුණු රැස් කිරීමේදී ලංකා පිතිකරුවන් අතුරින් ඉහළම තත්ත්වයේ පසුවීමය. තමන් තවමත් සුපුරුදු ලකුණු රැස්කිරීමේ තත්ත්වයේම පසුවන බව මැතිව්ස් මෙයට මාසයකට පෙර සනාථ කළේ, අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල කණ්ඩායමට නායකත්වය දෙමින් ඉනිමක ලකුණු 46ක සාමාන්‍යයක් ලබාගනිමින් එම තරගාවලියේ දී ද වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමෙනි.
දකුණතින් පන්දුවට පහර දෙන දකුණතින් මදවේග පන්දු යවන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර මට්ටමේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙකි. පන්දු යැවීමේ දී එක්දින කඩුලු 114ක්ද ටෙස්ට් තරගවලදී කඩුලු 33ක්ද ලබා ඇත. පන්දු යැවීමේදී නිතර ආබාධයන්ට ලක්වීමෙන් වරින් වර ක්‍රීඩාවෙන් ඉවත්වීමට සිදුවීම කණ්ඩායමේ අභාග්‍යයකට හේතුවිය. මැතිව්ස්ට පන්දුවට පහර දීම හා පන්දු යැවීම නොකඩවා කිරීමට අවස්ථාව උදාවූයේ නම් ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදි ශ්‍රී ලංකාවට ඉහළ තත්ත්වයක රැදීමට අවස්ථාව තිබෙනු නිසැකය.
1987 ජුනි 2වැනිදා උපත ලද 32 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් මරදාන ශාන්ත ජෝශප්, ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ‘ඒ’,ශ්‍රී ලංකා 19න් පහළ පිල, කෝල්ට්ස්, දඹුල්ල, බස්නාහිර, උතුර කණ්ඩායම්වලට නායකත්වය දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී නායකත්වය දී ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේදී ඩිල්ලි ඩෙයා ඩෙවිල්ස්, කොල්කටා නයිට්ස් රයිඩර්ස් හා පූනේ වොරියර්ස් කණ්ඩායම් නියෝජනය කළේය.
ටෙස්ට් තරග 88කට සහභාගි වී ඉනිම 144කදී ලකුණු 5554ක් (සාමාන්‍ය 44.79) ක් ලබා සිටින්නේ ශතක නවයක් හා අර්ධ ශතක 33ක් සමගිනි. ඉනිමක වැඩිම සංඛ්‍යාව 160කි. නොදැවී 20 යි. කඩුලු 33ක් ද දවා ඇත. එක්දින තරග 203කට සහභාගි වී ඉනිමක 173කදී ලකුණු 5380ක්ද ලබා සිටින්නේ අර්ධ ශතක 37ක් සහ ශතක දෙකක් සමගිනි. වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී 139යි. එක්දින ඉනිමක සාමාන්‍ය ලකුණු 42.36කි.
පන්දුවට පහරදීමේදී තාක්ෂණ අතින් විශිෂ්ට, පන්දු යැවීමේ දී පිතිකරුට තර්ජනාත්මක වන, පන්දු රැකීමේදී මලල ක්‍රීඩකයෙකු මෙන් ක්‍රියාකරන මැතිව්ස් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ විශාලම අපේක්ෂාවකි.
1xbet site එකේ ලියාපදංචි වෙන්න පහල තිබෙන ලින්ක් එක භාවිතා කරන්න.පහත ලින්ක් එක ඔස්සේ ඔබ ලියාපදිංචි උනොත් ඔබ තැන්පත් කරන පළමු තැන්පතු මුදලටම 100% ක බෝනුස් මුදලක් හිමි වෙනවා.
LINK: https://bit.ly/2WUMrE0
Promo Code: 1x_53105





Comments
Post a Comment