Women’s T20 Challenge ශූරතාව චමරිගේ සුපර්නොවාස් කණ්ඩායමට
විමෙන්ස් ටී ටුවෙන්ටි චැලේන්ජ් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චමරි අතපත්තු ඇතුළු සුපර්නොවාස් කණ්ඩායම සමත් විය.
ඒ, අවසන් මහ තරගයේදී වෙලෝසිටි කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කරමිනි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලි ආකෘතියේ කාන්තාවන් සඳහා වෙන් වූ තරගාවලිය ලෙස මෙම තරගාවලිය පැවැත්විණි.
විමෙන්ස් ටී ටුවෙන්ටි චැලේන්ජ් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයට සහභාගී වූ කණ්ඩායම් ගණන 3 කි.
ඒ, සුපර්නොවාස්, ට්‍රයල්බ්ලේසර්ස් සහ වෙලෝසිටි කණ්ඩායම් ය.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්මන් ප්‍රීට් කෞර්, ස්ම්‍රිති මන්ධනා සහ මිතාලි රාජ් එම කණ්ඩායම් මෙහෙයවූවා ය.
මේ අතර ඉන්දියාවට අමතරව කණ්ඩායම් සඳහා ක්‍රීඩිකාවන් එක් වුනේ නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවෙනි.
තරගාවලියේ අවසන් තරගය ජායිපූර්හිදියී පැවැත්විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් වෙලෝසිටි ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 121 ක් රැස් කළා ය.
සුෂ්මා වෙර්මා නොදැවී ලකුණු 40 ක් රැස් කළ අතර ඇමෙලියා කළේ ලකුණු 36 යි.
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 121 ක ඉලක්කයක් හඹාගිය සුපර්නොවාස් ක්‍රීඩිකාවන් එම ඉලක්කය පසුකළේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී තිබියදීයි.
ප්‍රියා පූනියා ලකුණු 29 ක් රැස් කළ අතර ජෙමීමා රොඩ්රිගස් ලකුණු 22 ක් රැස් කළා ය.
නායිකා හර්මන් ප්‍රීට් කෞර් ලකුණු 51 යි.
Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy today match with
1xbet:https: https://bit.ly/2JhCDB9
ඔබට ඉතාමත් පහසුවෙන් ලියාපදිංචි වීමට පහත තිබෙන ලින්ක් එක භාවිතා කරන්න.ඒ සමගම පහත තිබෙන බෝනුස් අංකය භාවිත කර ඔබ තැන්පත් කරන මුදලට 100% තැන්පතුවක් පළමු තැන්පතුවට ලැබෙයි.ඔබත් අදම 1xbet.com ලියාපදිංචි වී විශාල මුදල් ප්‍රමානයක් ජයග්‍රහණය කරගන්න. ( Bonus Code : 1x_53105)






Comments
Post a Comment