Sri Lankan Test players going on the top!

දිමුත් කරුණාරත්න හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු පිතිකරුවන් 10 අතර ඉඩක් වෙන් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත්වී තිබේ. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති තරගයේදී පිතිකරුවකු ලෙසින් දක්වන ලද දක්ෂතා මත එම ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා පැමිණීමට දිමුත්ට අවස්ථාව උදා වී තිබේ.

නවසීලන්තය සමඟ ගාල්ලේ පැවැති තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 39 ක් රැස් කළ දිමුත්, දෙවැනි ඉනිමේදී ලකුණු 122 ක් රැස් කරමින් කඩුලු 6 ක වාර්තාගත ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා පිල රැගෙන ගියේය. මෙම තරගයට පෙර ප්‍රසාද ලකුණු 676 ක් ලබා එම ශ්‍රේණිගත කිරීමෙහි 13 වැනි ස්ථානයේ රැදී සිටි දිමුත්, අවසන් ටෙස්ට් තරගයේ දක්වන ලද දක්ෂතාවයත් සමඟ ඔහුගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 716 දක්වා ඉහළ ගොස් තිබේ.


කෙසේ වෙතත් දිමුත් අදාළ ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානය 10 ට අතරට පැමිණි පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර ඔහු 7 වැනි ස්ථානයේ රැඳී සිට තිබේ. දිමුත්ට අමතරව මෙම තරගයේදී පිතිකරුවන් ලෙස දක්ෂතා දක්වන ලද ඇන්ජලෝ මැතිව්ස්, 17 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වාද නිරෝෂන් දික්වැල්ල 38 වැනි ස්ථානයේ සිට 33 වැනි ස්ථානය දක්වාද ඉදිරියට පැමිණ සිටිති.

පන්දු යවන්නන් අතරින් පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවා ගත් අකිල ධනංජය 45 වැනි ස්ථානයේ සිට 36 වැනි ස්ථානය දක්වාද ඉදිරියට පැමිණෙද්දී ලසිත් ඇඹුල්දෙණිය 79 වැනි ස්ථානයේ සිට 69 වැනි ස්ථානය දක්වා පැමිණ සිටියි.

මේ අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ප්‍රසාද ලකුණු 94 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 6 කින් ජය ගැනීමට මත්වීම මත එම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 97 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම මෙම තරගාවලියට පෙර ප්‍රසාද ලකුණු 109 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවූ නවසීලන්ත පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලද පරාජයත් සමග 105 දක්වා අඩුව තිබෙන බැවින් නවසීලන්ත පිල සිව්වැනි ස්ථානය දක්වා පහත බැස තිබීමද කැපී පෙනෙයි. 


Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy this match with 1xbet:

Use the promo code & get 100% free bonus on 1 st deposit!
PROMO CODE: 1x_73284

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!