පළමු විස්සයි 20 ට ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට බර අවි – ස්මිත් සහ වෝනර් යළි කැදවයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය හෙට ( 27 ) ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 9.00 ට ආරම්භ වීමට නියමිතය.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලිය තරග 3 -0 කින් ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී මගකට ගෙන ඒමට කටයුතු කළ අතර, ඒ අනුව පාකිස්තානය සංචාරයට එක් නොවූ ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයනු ලැබේ.
ඇරෝන් ෆින්ච් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය සපයද්දී, ඇන්ඩෘ ටේ ආබාධයක් හේතුවෙන් විස්සයි 20 තරගාවලියෙන් ඉවත්ව තිබේ. පසුගිය වසරේ තරග තහනමට ලක්ව සිට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඩේවිඩ් වෝනර් සහ ස්ටිව් ස්මිත් එක්දින හා ටෙස්ට් තරග ක්‍රීඩා කළද තරග තහනමෙන් පසු විස්සයි 20 පිටියට පිවිසෙන පළමු අවස්ථාව මෙය වේ.
බොහෝ විට හෙට තරගයේදී කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක ආරම්භ පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක් වීමට නියමිත අතර, නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින්නා ලෙස කණ්ඩායමේ කටයුතු කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි .

අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල දසුන් ශානක, වනිදු හසරංග, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග,නුවන් ප්‍රදීප්
අපේක්ෂිත ඕස්ට්‍රේලියානු කණ්ඩායම – ඩේවිඩ් වෝනර්, ආරෝන් ෆින්ච්, ස්ටිව් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල්, ඇශ්ටන් ටර්නර්, ඇලෙක්ස් කේරී, ඇෂ්ටන් අගර්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා, කේන් රිචඩ්සන්

Join for FREE Registration and get 200% FREE BONUS
Enjoy with 1xbet:

Use the promo code & get a 100% free bonus on 1 st deposit!
PROMO CODE: 1x_96908

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!