තියුණු සටනකින් පසු පුහුණු තරගයේ ජය ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායමට
Bet on the game & win a lot of money with 1xbet!
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියා කැන්බරා හි පැවති පෙරපුහුණු විස්සයි 20 තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම ඊයේ ( 24 ) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කය හඹාගිය ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 9ක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු හැරී නිල්සන් පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමගින් ලකුණු 79ක් රැස් කිරීමට සමත් විය.
ඕස්ට්‍රේලියානු ඉනිමේ පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 26කට දවාලීමට කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුවද, අවසන් කඩුල්ල සඳහා එක් වූ ෆවඩ් අහමඩ් සහ රොබඩ් බ්ලූම්ෆීල්ඩ් අවසන් ලකුණු 9 රැස් කරමින් ඕස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒමට කටයුතු කළහ.
පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 21 කට කඩුලු 3ක් සහ ලක්ෂාන් සඳකැන් ලකුණු 21කට කඩුලු 3 බැගින් බිද හෙලමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 131 ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඕෂධ ප්‍රනාන්දු පන්දු 25කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 38ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් භානුක රාජපක්ෂ පන්දු 17 කින් හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 24ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ඩැනියෙල් ක්‍රිස්ටියන් ලකුණු 16කට කඩුලු 2ක් සහ රොබඩ් බ්ලූම්ෆීල්ඩ් ලකුණු 17කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.
ඊයේ ( 24 ) පැවති පෙර පුහුණු විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්ව සිටීම ද කාගේත් අවදානය යොමු විය. ඔහු එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්ව සිටියේ 13 වැනි ක්‍රීඩකයා ලෙසයි. ඔහු අවස්ථා කිහිපයකදීම ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත සිසිල් පැන් ගෙන එම්න් ඔහුගේ සගයන්ට සහයෝගය දක්වනු දකින්නට ලැබිණ. .
දෙරට අතර පළමු විස්සයි 20 තරගය මේ මස 27 වැනිදා පැවැත්වීමට නියමිතය.
1XBET ඔස්සේ ඔබට පුළුවන් තරඟයේ ජයග්‍රාහකයා නම් කොට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් දිනාගන්න.ඔබ තවමත් ලියාපදිංචි වී නැත්නම් දැන්ම ලියාපදිංචි වෙන්න, පහත තිබෙන ලින්කුව ඔස්සේ පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර පහත සටහන් වන බෝනස් අංකය භාවිතා කිරීමෙන් ඔබට ඔබගේ පළමු තන්පතුවටම 100% ක් බෝනස් මුදලක් Rs. 10000.00 ක් දක්වා ලබාගැනීමට 1x _73284 යන බෝනස් අංකය භාවිත කරන්න.
ඒ වගේම ඉතාමත් ආරක්ෂාකාරී ලෙස සහ විශ්වාස දායී ලෙස ඔබගේ මුදල් තැන්පත් කරන්නත්, ජයග්‍රාහී මුදල් නැවත ලබා ගැනීමටත් අපගේ වෙබ අඩවියෙහි මොබිටෙල් mcash සේවාව සහ Dialog Ezcash සේවාව ඔස්සේ ඉතාමත් පහසුවෙන්ම ක්ෂණිකව සිදුකල හැකයි.
ලියාපදිංචි වීමට: http://bit.ly/1xbetsrilankancricket
බෝනස් අංකය: 1x_96908
Join for FREE Registration and get 200% FREE BONUS
Enjoy with 1xbet:








Comments
Post a Comment