තිවංක ගේ ඔලිම්පික් සිහිනය බිඳවැටේ ද?

  

තිවංක ගේ ඔලිම්පික් සිහිනය බිඳවැටේ ද?


පිරිමි උස පැනීමේ ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට සහ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන උෂාන් තිවංක ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීම සඳහා විශාල බලාපොරොත්තුවකින් පසුවන ක්‍රීඩකයෙකි.

ඔලිම්පික් දොරටුව අබියස සිටින උෂාන්ට එම අවස්ථාව අහිමිව යෑමේ අවදානමක් පිළිබඳ අපට වාර්තා වුණි. 

අමෙරිකාවේ A&M විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මේ වසරේ මලල ක්‍රීඩාතරඟාවලි කිහිපයකට සහභාගී වූ උෂාන් තිවංක වසර 17ක් පැරණි පිරිමි උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව අවස්ථා දෙකකදී අලුත් කිරීමට සමත්වුණි.

එක් තරඟාවලියකදී මීටර 2.30ක දක්ෂතාවක් දක්වමින් දකුණු ආසියානු වාර්තාවද අලුත් කළ උෂාන් තිවංක ඔලිම්පික් දොරටුව අභියසට පැමිණියේ මේ වසරේ ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් දැක්වූ 7වැනි හොඳම දක්ෂතාවද සටහන් කරමිනි.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ උස පැනීමේ ඉසව්ව සඳහා අවස්ථාව උදාවන්නේ ක්‍රීඩකයින් 32 දෙදෙනෙකුට පමණක් වන අතර උෂාන් මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 48වැනි ස්ථානයේය.

32වැනි ස්ථානයේ පසුවන ක්‍රීඩකයාට වඩා ප්‍රසාද ලකුණු 31ක් පමණක් පසුපසින් සිටින උෂාන්ට එම ප්‍රසාද ලකුණු ප්‍රමාණය සම්පූර්ණ කරගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

ඊට හේතුව ඔලිමිපික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ඇති අවසන් දිනය වන ජුනි 29වන දිනට පෙර ඔහුට සහභාගී වීම සඳහා ප්‍රමාණවත් තරඟාවලි සංඛ්‍යාවක් ඇමෙරිකාවේ නොමැති වීමය.

කෙසේ වෙතත් උෂාන්ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවම වශයෙන් ලෝක මට්ටමේ මලල ක්‍රීඩා තරඟාවලි දෙකක් සඳහාවත් සහභාගි වුවහොත් ඔහුට අවශ්‍ය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කරගත හැකි වේ.

එලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟාවලි සඳහා සහභාගී වීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මැදිහත් වීමක් අවශ්‍යය.

උෂාන් තිවංකව මෙරටට ගෙන්වා ජාතික මලල ක්‍රීඩා තරඟාවලියට සහභාගී වීමට අවස්ථාවක් ලබාදීමට හැකි නම් එයද ඔහුට ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ ප්‍රසාද ලකුණු රැස් කරගැනීමට හොඳ අවස්ථාවක් වේ.

දීප්තිමත් අනාගතයක් ඇති එම ක්‍රීඩකයාට ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීම සඳහා උපකාර කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයට මැදිහත් විය හැකිනම් එය මෙරට ක්‍රීඩාවේ අනාගතය සඳහා හොඳ ආයෝජනයක් වනු නොඅනුමානය.


තිවංක ගේ ඔලිම්පික් සිහිනය බිඳවැටේ ද?

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!