දිමුත් කරුණාරත්න හොඳම පිතිකරුවන් දහදෙනාගේ ආසන්නයට

  

දිමුත් කරුණාරත්න හොඳම පිතිකරුවන් දහදෙනාගේ ආසන්නයට


අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීනයට අනුව හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනාගේ ආසන්නයට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්වී සිටියි. බංග්ලාදේශයට එරෙහිව තරගාවලිය 1-0 ක් ජය අත්කරගත් තරගාවලියෙන් පසු කරුණාරත්න එම ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.

එම තරගාවලියට පෙර එම ශ්‍රේණිගත කිරීම්හි 22 වැනි ස්ථානයේ රැදී සිටි කරුණාරත්න තරගාවලිය අවසන් වන විට ස්ථානය 11 ක් ඉදිරියට පැමිණීම කැපී පෙනෙයි. බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලියේදී දිමුත් කරුණාරත්න විසින් ඉනිම 3 කදී ලකුණු 428 ක් රැස් කර ගත්තේ ද්විත්ව ශතකයක් (244), ශතකයක් (118) සහ අර්ධ ශතකයක් (66) වාර්තා කර ගනිමිනි.

දිමුත්ට අමතරව ධනංජය ද සිල්වා, ළහිරු තිරිමාන්න සහ ඕෂද ප්‍රනාන්දු, පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට සමත්වද්දී ඇන්ජලෝ මැතිව්ස් සහ පැතුම් නිස්සංක ස්ථාන කීපයක් පහළට ගොස් සිටියි.

ඒ අතරින් ධනංජය ද සිල්වා 35 වැනි ස්ථානයේ සිට 32 වැනි ස්ථානය දක්වාත්, ඕෂද ප්‍රනාන්දු 62 වැනි ස්ථානයේ සිට 58 වැනි ස්ථානය දක්වාත්, ළහිරු තිරිමාන්න 74 වැනි ස්ථානයේ සිට 60 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ සිටිති. තරගාවලියට ප්‍රථම 20 වැනි ස්ථානයේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස් ලද අසාර්ථක භාවය හේතුවෙන් 20 වැනි ස්ථානයේ සිට 24 වැනිදා දක්වා පහළ ගොස් සිටියි. කොදෙව් පිලට එරෙහිව පැවැති මංගල තරගයේදී ශතකයක් වාර්තා කරමින් පළමු පිතිකරුවන් 100 දෙනා අතරට (88 ස්ථානයට) පැමිණි පැතුම් මෙම තරගාවලියෙන් පසු හොඳම 100 දෙනාගෙන් ඉවතට යෑම කැපී පෙනෙයි.

මේ අතර මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් කඩුලු 11 ක් දවා ගත් ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. තම දෙවැනි ටෙස්ට් තරගයට සහභාගිවෙමින් කඩුලු 6 ක් බිඳ හෙළූ රමේෂ් මෙන්ඩිස්ද හොඳම පන්දු යවන්නන් 100 දෙනා අතරට (88) එක්වීමට සමත්ව සිටියි.

නවසීලන්ත නායක කේන් විලියම්සන් පිතිකරුවන් අතර පළමු ස්ථානයේත් ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙති. තුන් ඉරියව් අතර බටහිර ඉන්දීය කොදෙව් පිටෙල් ජේසන් හෝල්ඩර් රැඳී සිටියි.


දිමුත් කරුණාරත්න හොඳම පිතිකරුවන් දහදෙනාගේ ආසන්නයට

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!