පුහුණු තරගයෙන් කුසල්ලා සම වෙයි
පුහුණු තරගයෙන් කුසල්ලා සම වෙයි
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙපිළ බෙදී හෙවත් කුසල් පෙරේරා කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස් කණ්ඩායම් අතර පැවැති පළමු පුහුණු එක්දින තරගය ලකුණු සම වෙමින් අද (16 දා) නිමාවට පත්විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මෙන්ඩිස්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ක් දැවී ලබා දුන් ලකුණු 251 ක ඉලක්කය හඹා යෑමේදී නියමිත පන්දුවාර 50 අවසනදී කුසල් පෙරේරාගේ කණ්ඩායමටද කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 250 ක් පමණක් වීම කැපී පෙනෙයි.
පන්දුවාර 50 කට සීමා වෙමින් පැවැති මෙම තරගයේදී දෙපිළෙන්ම අර්ධ ශතක 2 ක් වාර්තා වුණු අතර එහිදී මෙන්ඩිස්ගේ පිල වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 71 ක් ද පෙරේරාගේ පිල වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 64 ක්ද ලබා ගත්හ.
ඊට අමතරව ඉසුරු උදාන මෙන්ඩිස්ගේ පිල වෙනුවෙන් ලකුණු 44 ක් රැස් කර ගනිද්දී පෙරේරාගේ පිල වෙනුවෙන් දසුන් ශානක ලකුණු 44 ක් රැස් කර ගනිමින් සටන්කාරී අවසානයක් කරා තරගෙය රැගෙන ගියේය. මොවුන් දෙදෙනාම දෙවැනියට වැඩිම ලකුණු ලද පිතිකරුවන් බවට පත්වීමද කැපී පෙනෙයි.
පන්දු යැවීමේදී කුසල් පෙරේරාගේ කණ්ඩායමේ අකිල ධනංජය සහ චාමික කරුණාරත්න ද මෙන්ඩිස්ගේ කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙළූහ. ඊට අමතරව පෙරේරාගේ පිල වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු ද මෙන්ඩිස්ගේ පිල වෙනුවෙන් දුෂ්මන්ත චමීර සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.
මෙන්ඩිස් පිල පන්දුවාර 50 කදී කඩුලු 9 කට ලකුණු 250 යි – (රමේෂ් මෙන්ඩිස් 71, ඉසුරු උදාන 44, ඕෂද ප්‍රනාන්දු 39, අකිල ධනංජය 28/3, චාමික කරුණාරත්න 38/3, බිනුර ප්‍රනාන්දු 38/2, නුවන් ප්‍රදීප් 20/1)
පෙරේරා පිල පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 250 යි – (අවිෂ්ක ප්‍රනාන්දු 64, දසුන් ශානක 44, ධනුෂ්ක ගුණතිලක 30, කුසල් පෙරේරා 28, අසිත ප්‍රනාන්දු 43/3, දුෂ්මන්ත චමීර 26/2, ප්‍රවීන් ජයවික්‍රම 44/2, වනිඳු හසරංග 37/1, රමේෂ් මෙන්ඩිස් 39/1)
පුහුණු තරගයෙන් කුසල්ලා සම වෙයි

![ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League] ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]](https://lankansports.com/wp-content/uploads/2020/11/Banner_728x1002.gif)


Comments
Post a Comment