විස්සයි-20 න් ඉන්දියාව පෙරමුණ ගනියි

 

විස්සයි-20 න් ඉන්දියාව පෙරමුණ ගනියි


ඉදිරි පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත් වුවත් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 15 ක් ඇතුළත බිඳ දැමීමට භුවනේෂ්වර් කුමාර් ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් සමත්වීම මත තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (25 දා) සමත්වූවේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 165 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.3 කදී ලකුණු 126 කට නවතාලූ ඉන්දීය පන්දු යවන්නෝ තරගාවලිය 1-0 ක් ලෙසින් ඉන්දීය පිල ඉදිරියට රැගෙන ගියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් යළිත් සාර්ථක වුණු අවිෂ්ක ප්‍රනාන්දු සහ මංගල තරගයට සහභාගිවුණු චරිත් අසලංක පිතිකරණයෙන් කැපී පෙනුණද සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සේවය නොලැබීම මෙම පරාජයට ප්‍රධාන හේතු බවට පත්විය. පළමු විස්සයි-20 ඉනිම වුවද පළපුරුදු පිතිකරුවකුගේ ලක්ෂණ විදහා පාමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු අසලංක පන්දු 26 කදී වේගවත් ලකුණු 44 ක් රැස් කළේය. හයේ පහර 3 කින් සහ තවත් හතරේ පහර 3 කින් සිය ඉනිම සරසා ගත් අසලංක ලකුණු වේගය වැඩි කිරීමට යෑමේදී දීපාක් චහර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

මිඩ් විකට් කළාපයේ පන්දු රැකි ප්‍රිතිව් ෂෝ උඩ පන්දුව රැක ගනිමින් අසලංකගේ ඉනිම නිමාවට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම අවසන් වීම සඳහා තවත් එක්කාසු වූයේ ලකුණු 15 ක් පමණි. තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස අද තරගයට අවතීර්ණ වුණු වනිඳු හසරංග, නායක දසුන් ශානක මෙන්ම චාමික කරුණාරත්නට කැපී පෙනෙන යමක් කිරීමට නොහැකි විය.

එහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු භුවනේෂ්වර් කුමාර් ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගත් අතර අවිෂ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග, චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර ඔහුගේ ගොදුරු බවට පත්වූහ. එම දක්ෂතාවය මත භුවනේෂ්වර් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුට අමතරව දීඵාක් චහර් ද කඩුලු 2 බිඳ දමද්දී සෙසු පන්දු යවන්නෝ එක් කඩුල්ල බැගින් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 10 බෙදා ගත්හ.

ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රිතිව් ෂෝ පළමු පන්දුවෙන්ම දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත්වූවේය. එහෙත් ධවාන්ට එක්වූ සංජු සැම්සන් ඉන්දීය ඉනිම ගොඩ ගැනීමේ කාර්යයේ නිරත වූ අතර ධවාන් ලකුණු 46 ක් සැම්සන් ලකුණු 27 ක් රැස් කළහ. වැඩිම ලකුණු ලාභියා වූයේ සූර්ය කුමාර් යාදව් වන අතර ඔහු ලකුණු 50 ක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් වැඩිම ප්‍රහාරයකට ලක්වූයේ අකිල ධනංජය වන අතර ඔහුගේ පන්දුවාර 4 දී ලකුණු 40 ක් ප්‍රතිවාදී පිතිකරුවෝ උදුරාගත්හ. ආරම්භය වේගවත් වුවද ඉන්දීය අවසන් පන්දුවාර 5 දී ඔවුන් රැස් කරන ලද්දේ ලකුණු 43 ක් පමණි. දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය ලබන අඟහරුවාදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 8.00 ට ආරම්භ වනු ඇත.


විස්සයි-20 න් ඉන්දියාව පෙරමුණ ගනියි

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!