යුරෝපා පාපන්දු කුසලානය ඉතාලියට
යුරෝපා පාපන්දු කුසලානය ඉතාලියට
2020 යුරෝපා පාපන්දු කුසලානය දිනාගැනීමට ඉතාලිය සමත්විය.
එංගලන්තයේ වෙබ්ලි ක්‍රීඩාංගනයේ ඊයේ (11) රාත්‍රීයේ පැවැති අවසන් මහා තරඟයේ දී ඉතාලිය වෙතින් පරාජයට පත්වුණේ සත්කාරක එංගලන්ත කණ්ඩායමට ය.
තරඟයේ නියමිත කාලය තුළ කණ්ඩායම දෙකම එක් ගෝලය බැගින් ලබාගැනීම හේතුවෙන් දඬුවම් පහර මඟින් ජයග්‍රහණය තීරණය කිරීමට සිදුවිය.
ඒ අනුව ඉතාලිය ගෝල තුනට දෙකක් ලෙස ජය අත්කර ගත්තේය.
ඉතාලිය යුරෝපා කුසලාන පාපන්දු කුසලාන තරඟාවලියක් ජයගත් දෙවන අවස්ථාව මෙය වේ.
ඔවුන් මීට පෙර 1968 වසරේ දී ශූරතාව දිනාගෙන තිබේ.
අවසන් මහා තරඟය නැරඹීම සඳහා අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වී ඇති අතර ප්‍රවේශ පත්‍ර නොලැබු පිරිසක් ද තරඟය නැරඹීම සඳහා බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේ.
යුරෝපා පාපන්දු කුසලානය ඉතාලියට

![ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League] ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]](https://lankansports.com/wp-content/uploads/2020/11/Banner_728x1002.gif)


Comments
Post a Comment