"ලකුණු නැති හින්දා හිතේ චකිතයක් තිබ්බා" - නායක දිමුත් කරුණාරත්නය

 

"ලකුණු නැති හින්දා හිතේ චකිතයක් තිබ්බා" - නායක දිමුත් කරුණාරත්නය


කොදෙව්වන්ට එරෙහිව වාර්තා කළ විශිෂ්ඨ තරග ජයග්‍රහණය පිටුපස සිටි දැවැන්ත චරිතය වූයේ නායක දිමුත් කරුණාරත්නය. පළමු ඉනිමේදී ලකුණු 147 ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 83 ක් ලබා ගනිමින් කරුණාරත්න දක්වන ලද දක්ෂතාව නිසා දෙවැනි ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ පළමු තරගයෙන්ම ප්‍රසාද ලකුණු 12 ක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබේ. එම දක්ෂතාවය නිසාම පළමු ටෙස්ට් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

මාස 8 කට ආසන්න කාලයකට පසු ජාත්‍යන්තර තරග පිටියට පිවිසියද කරුණාරත්න සිය සාර්ථකත්වය එලෙසම තබා ගැනීමට සමත්විය. ඒ නිසාම ඔහුට 2021 වසරේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දැන් හිමිව තිබේ. දිමුත් මේ වසරේදී රැස් කර ඇති ලකුණු සංඛඊ්‍යාව 854 කි. එබැවින් ඔහු දෙවැනි වන්නේ එංගලන්ත නායක ජෝ රූට් (1455) සහ ඉන්දියාවේ රෝහිත් ෂර්මා (906) ට පමණි. මෙහි විශේෂත්වය වන්නේ රූට් එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා ටෙස්ට් තරග 12 කටත් ෂර්මා 11 කටත් ක්‍රීඩා කර තිබීමය. මේ වසරේදී දිමුත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 6 කට පමණි. වැඩිම ලකුණු සාමාන්‍යයක් හිමි පිතිකරුවන් අතර ඉදිරියෙන්ම දිමුත් පසුවන්නේ (77.63) එබැවිනි.

ශ්‍රී ලංකාව ලද සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ක්‍රීඩා ලෝලීන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේ තමන්ටද අරමුණක් තිබෙන බවයි.

“අනිවාර්යයෙන්ම ටෙස්ට් ලකුණු 10000 ලබා ගැනීම තමයි මගේ ටාගට් එක වෙලා තියෙන්නේ. මං දන්නේ නෑ ඒකට කිට්ටු වෙන්න පුලුවන් වෙයිද කියලා. නමුත් ඒ ඉලක්කය හැම තිස්සෙම මගේ අරමුණු වල තියෙනවා” යනුවෙනි.

“ඒ වගේම ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කිරීමත් මගේ ඔළුවේ තියෙනවා. මේ යන රිද්මයේම ගියොත් මං හිතනවා ලකුණු 10,000 සීමාවට ළං කරන්න පුලුවන් කියලා” යැයි පවසන වමත් පිතිකරුවා, “මම කැමැතියි පියවරෙන් පියවර උඩට එන්න. සමහර වෙලාවට මැච් එක ඉවර වුණාම ගිහිං බලනවා මම දැන් ලංකාවේ කොතනද ඉන්නේ. තව කෙනෙක්ව පහුකරන්න තව කොච්චරක් උඩ යන්න ඕනද වගේ දේවල්. මම දන්නවා ලකුණු 100 ක් 150 ක් ගැහුවොත් එහෙම ලංකාවේ වැඩිම ලකුණු ලබාගෙන ඉන්න පිතිකරුවන් අතර තව තුන් හතර දෙනෙක්ව පාස් කරන්න පුලුවන් මට්ටමක ඉන්නවා කියලා. ඒ තැන්වලින් පොඩ්ඩ පොඩ්ඩ උඩට යන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ඒ දේවල් මගේ දක්ෂතා ඉහළ දමා ගන්න මාව නිතරම දිරිමත් කරනවා” යැයි වැඩිදුරටත් පවසා සිටියේය.

ලොව අග්‍රගන්‍යයේ පිතිකරුවන් රැසක් ශ්‍රී ලංකාව බිහි කර ඇතත් ඉන් ටෙස්ට් ලකුණු දසදහසේ සීමාව පසු කිරීමට සමත්ව සිටින්නේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පමණි. අද නිමාවුණු තරගයේ රැස් කරන ලද ලකුණු 230 ත් සමඟ දිමුත්ගේ මුලු ලකුණු සංඛ්‍යාව 5406 ක් වී තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කර ඇති පිතිකරුවන් අතර 9 වැනි ස්ථානයේ පසුවන දිමුත්ට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට අවශ්‍ය වන්නේ ලකුණු 96 ක් පමණි. ලබන 29 වැනිදා ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගයේදී එම ලකුණු සංඛ්‍යාව රැස් කර ගැනීමට දිමුත්ට හැකියාව ලැබුණහොත් ඔහුට ඉදිරියෙන් සිටින තිලාන් සමරවීර (5462), ටී.එම්. ඩිල්ෂාන් (5492) සහ මාවන් අතපත්තු (5502) පසුකර යෑමේ අවස්ථාව පහසුවෙන්ම උදාවනු ඇත.

“ඇත්තම කියනවා නම් මේ ටෙස්ට් තරගයට පෙර මට පුහුණුවීම් වල හරියට නිරත වෙන්න බැරි වුණ නිසා මම ගොඩක් කණගාටුවට පත් වෙලා හිටියේ. මම පුහුණුවීම් කරන්න පටන් ගත්තේ ඔක්තෝම්බර් මාසේ ඉඳන්. ගොඩක්ම ෆිට්නස් පැත්ත තමයි මම සිදු කරේ. දක්ෂතා වැඩි දියුණු කර ගැනීමේ සැසි මට කරන්න හම්බ වුණේ අවස්ථා 5 ක් 6 ක් විතරයි. ඒ දවස් වල ගොඩක් වැස්ස හින්දා පුහුණුවීම් කරන්න වුණේ නෑ. දේශීය තරග තිබුණත් ඒවට ක්‍රීඩා කරන්න ලැබුණේත් නෑ. මගේ නමට පිටිපස්සේ ලකුණු තිබුණේ නෑ මේ තරගයට එන්න කළින්. හැබැයි මම මෙහෙට ආපු දවසේ ඉඳන් ගොඩක් ට්‍රේන් කළා. මහන්සි වුණා. ලකුණු නැති හින්දා හිතේ චකිතයක් තිබ්බා” යනුවෙන් මාස 8 කට ආසන්න කාලයකට පසු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරමින් ලකුණු අතරට පැමිණීමට හැකිවීම ගැන දිමුත් අදහස් දක්වා සිටියේය.


"ලකුණු නැති හින්දා හිතේ චකිතයක් තිබ්බා" - නායක දිමුත් කරුණාරත්නය

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!