ශ්‍රී ලංකා ‘ඒ’ පිල අසීරු අඩියක
ශ්‍රී ලංකා ‘ඒ’ පිල අසීරු අඩියක
සංචාරක පාකිස්තානු ‘ඒ’ සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය තරගයේ දෙවැනි දිනට අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 64 ක් වශයෙන් දැඩි අසීරු තත්ත්වයක පසුවිය.
පාකිස්තානු ‘ඒ’ පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 394 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමෙන් වැළකී සිටීම සඳහා තවත් කඩුල්ලක් තුළ ලකුණු 130 ක් ලබා ගත යුතුව තිබේ. ශ්‍රී ලංකා අවසන් පිතිකරුවන් ලෙස දුවිඳු තිලකරත්න සහ චාමික ගුණසේකර ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටිති.
ශ්‍රී ලංකා ඉනිම අසීරුවේ හෙළූ වේග පන්දු යවන නසීම් ෂා ලකුණු 25 කට කඩුලු 4 ක්ද කුරාම් ෂේසාඩ් ලකුණු 10 ට කඩුලු 3 ක් ද දවා ගෙන සිටිති. ආරම්භයේ සිටම දැඩි පීඩනයක් ගෙන දුන් නසීම් ෂා තෙවැනි පන්දුවාරයේදී නිශාන් මදුශ්ක, කමිල් මිශාර සහ නායක සදීර සමරවික්‍රමව දවා ගනිමින් ශ්‍රී ලංකා පිල අසීරුවට ඇද දැමීය. එතැනින් නොනැවතුණු ඔවුන් ලකුණු 35 ක් වන විට ඉදිරි පෙළ කඩුලු 7 දවා ගැනීමට සමත්වූවේය. 8 වැනි කඩුල්ලට එක් වූ හිමේෂ් රාමනායක සහ සුමින්ද ලක්ෂාන් 25 ක සම්බන්ධත්වක් පවත්වමින් ඉනිමේ ලකුණු ඉහළ දැමූහ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සුමින්ද ලක්ෂාන් ලකුණු 29 ක් ලබා ගත්තේය.
පාකිස්තානු පිල දවා ගැනීමේදී මඳ වේග පන්දු යවන චාමික ගුණසේකර කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 6 ක් දවා ගත්තේය. දකුණතින් වේග පන්දු යවන චාමික පාකිස්තානු පන්දුවාර 21 ක් යවමින් ලකුණු 83 ක් ලබා දෙද්දී සුමින්ද ලක්ෂාන්, මොහොමඩ් ශිරාස් සහ හිමේෂ් රාමනායක එක් කඩුල්ල බැගිල් බිඳ හෙළූහ. කොළඹ ආනන්ද විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටින චාමික එන්. සී.සී. පිල නියෝජනය කරනු ලබයි. පාකිස්තානු පිල වෙනුවෙන් අබ්දුල්ලා ශෆික් ලකුණු 117 ක් සහ අඝා සලමන් ලකුණු 102 ක් වාර්තා කිරීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල අසීරු අඩියක
![ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League] ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]](https://lankansports.com/wp-content/uploads/2020/11/Banner_728x1002.gif)


Comments
Post a Comment