අවසන් 4ට එන්න ‘ස්ටාර්ස්’ සහ ‘වොරියර්ස්’ අතර සටනක්

  


දෙවැනි වරටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් 2021 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අවසාන කණ්ඩායම් 4 හෙවත් Play off තරගය වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි වොරියර්ස් අතර තරගයක් පැවැතියත් එහි වැඩි වාසි කලමුබ් ස්ටාර්ස් පිලට හිමිව තිබේ. මූලික තරග වටය යටතේ දෙපිළම තරග 6 බැගින් සහභාගව තිබෙන අතර ස්ටාර්ස් පිල තරග 3 ක්ද වොරියර්ස් පිල තරගයක්ද ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන වල පසුවෙති.

දෙසැම්බර් 14 වැනිදා රාත්‍රියේ දඹුල්ල ජයන්ට්ස් එරෙහිව පැවැති තරගය ජය ගැනීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සමත්වීමත් සමඟ ග්ලැඩියේටර් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට එක්වුණු තෙවැනි කණ්ඩායම බවට පත්විය. ජැෆ්නා කිංග්ස් පිල තරග 6 කදී ජයග්‍රහණ 5 ක් ලබා ප්‍රසාද ලකුණු 10 ක්ද සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටින අතර තරග 7 කදී ජයග්‍රහණ 3 ක් සහ එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වීම නිසා ප්‍රසාද ලකුණු 7 ක් දිනා සිටින දඹුල්ල ජයන්ට්ස් පිල තෙවැනි ස්ථානයේ පසු වන්නේය.

ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පැමිණීමට නම් කැන්ඩි වොරියර්ස් පිලට මීළඟට සහභාගිවීමට නියමිත දඹුල්ල ජයන්ට්ස් පිලට සහ කලම්බු ස්ටාර්ස් පිලට එරෙහි තරග 2 ම ජය ගැනීම අනිවාර්ය වන අතරම කලම්බු ස්ටාර්ස්ට සහ ජැෆ්නා කිංග්ස් අතර තරගය ජැෆ්නා කිංග්ස් ජය ගත යුතු වේ.

එසේ වුවහොත් දෙපිළේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6 දක්වා සමාන තත්ත්වයට පත් වන බැවින් වැඩි ලකුණු වේගයක් රඳවා ගැනීමට සමත්වන කණ්ඩායම ලබන 20 වැනිදා සිට පැවැත්වෙන අවසන් වටයේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබනු ඇත.



⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – www.1xlanka.com 

ප්‍රොමෝ කෝඩ් – LPLS2



Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!