දඹුල්ල ජයන්ට්ස් පරදා ජැෆ්නා කිංග්ස් ඉදිරියට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම රැස්කළේ ලකුණු 110ක් පමණි.
එම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ නුවනිඳු ප්‍රනාන්දු ය. ඔහු ලකුණු 23යි.
පන්දු යැවීමෙන් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැගින් හිමිකර ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දු ඕවර 12.3කදී කඩුලු 2ක් පමණක් දැවී (ලකුණු 114) ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ගණන ලබාගත්තේය.
එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33ක් ලබාගත් අතර ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ටොම් කෝලර් කැඩ්මෝර් (නොදැවී 45) සහ ෂොයිබ් මලික් (නොදැවී 26) ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් දඹුල්ල ක්‍රීඩකයින්ව අසරණ කළහ.දඹුල්ල ජයන්ට්ස් පරදා ජැෆ්නා කිංග්ස් ඉදිරියට
⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️
ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.
ප්‍රොමෝ කෝඩ් – LPLS2
Comments
Post a Comment