මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වෙයි

  

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 2022 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක ඒ මහතාගේ පත්වීම වසරක කාලයක් සඳහා බල පැවැත්වෙනු ඇත.

ජයවර්ධන මහතාගේ නව පත්වීම යටතේ ජාතික පිරිමි කණ්ඩායමට අමතරව සෙසු සියළුම ජාතික කණ්ඩායම් වල ක්‍රිකට් අංශය භාරව කටයුතු කරනු ඇත. ඊට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ, ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම් කළමනාකරණය සඳහා වන සියලුම උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සඳහා වන සහයෝගය ජයවර්ධන මහතා ලබා දීමට නියමිතය.

හිටපු නායකයා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, “ඉදිරි 2022 වසරේ ශ්‍රී ලංකාවට හිමි ජාත්‍යන්තර දින දර්ශනය පිළිබඳව සැලකිල්ලට ගනිමින් දීර්ඝ කාර්ය භාරයක් සඳහා ජාතික කණ්ඩාය සමඟ එක්වීම ගැන අපි අතිශයින් සතුටට පත් වෙනවා” යනුවෙන් සඳහන් කර සිටියේය.

“අවසන් වරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක වූ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉහළ දක්ෂතා දැක්වීම සඳහා මහේල ලබා දුන් දායකත්වය මිල කළ නොහැකියි” යැයිද ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

නව පත්වීමට අමතරව, ජයවර්ධන මහතා ලබන 2022 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමඟ ද කටයුතු කරනු ඇත.

” ජාතික කණ්ඩායම වගේම වයස අවුරුදු 19 න් පහළ සහ ශ්‍රී ලංකා ‘ඒ’ ඇතුළු විවිධ සංවර්ධන සංචිතනවල සිටින ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන ඒමට උපකාර කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙනවා” යැයි උපදේශක පුහුණුකරු තනතුරු ලැබීම පිළිබඳව ජයවර්ධන මහතා සඳහන් කර සිටියේය.

“මම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මකින් දක්වනවා වගේම සියළු වයස් කාණ්ඩ සමඟ වැඩ කිරීම මගින් අනාගතයේදී අපිට ස්ථාවර වූ සාර්ථකත්වයක් අත්කර ගැනීමට අවස්ථාවක් හිමිවන බව මම විශ්වාස කරනවා” යැයිද සඳහන් කර සිටින ජයවර්ධන මහතා “මගේ ප්‍රධානම කාර්යය භාරය වන්නේ ඉදිරි වසර ඇතුළත අපගේ ජාතික පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලයට උපායමාර්ගික සැලසුම් පිළිබඳව සහාය දැක්වීමයි” වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව විසින් මහේල ජයවර්ධන මහතාව පුහුණු උපදේශක තනතුරට පත් කිරීමට පියවර ගනු ලැබීය.

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වෙයි

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – www.1xlanka.com 

ප්‍රොමෝ කෝඩ් – LPLS2


Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!