සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම මෙරට තරග සංචාරයක
සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මෙරට සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර, එක්දින ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වේ.
ඔවුන් ජනවාරි 10 වනදා මෙරටට පැමිණීමට නියමිත අතර තරග 3ම මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වේ.
පළමු තරගය ජනවාරි මස 16 වනදා පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය ජනවාරි 18 වනදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර අවසන් තරගය ජනවාරි මස 21 වනදා පැවැත්වෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
![ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League] ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]](https://lankansports.com/wp-content/uploads/2020/11/Banner_728x1002.gif)


Comments
Post a Comment