සුරංග ලක්මාල් ජාත්‍යන්තර තරග දිවියට සමුදෙන්න සැරසෙයි

  


ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන වේග පන්දු යවන සුරංග ලක්මාල් එළැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය ටෙස්ට් තරග සංචාරයෙන් පසු ජාත්‍යන්තර තරග දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 5 කදී නායකත්වය හොබවා ඇති දකුණත් වේග පන්දු යවන්නා විශ්‍රාම ගන්නා විට 34 වැනි විය පසු කරමින් සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 68 කට ක්‍රීඩා කර ඇති සුරංග ලක්මාල් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 168 ක් වේ. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.28 ක් රඳවා ගැනීමට සමත්ව සිටින ලක්මාල් කඩුලු 5 කට වඩා වැඩියෙන් දවා ගත් අවස්ථා 4 ක් සිය ටෙස්ට් තරග දිවියේ සටහන් කර ගැනීමට සමත්ව සිටියි.

එක්දින තරග 86 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 11 කට ක්‍රීඩා කර ඇති සුරංග ලක්මාල් පිළිවෙළින් කඩුලු 109 ක් සහ 8 ක් වශයෙන් දවා ගැනීමට සමත්ව සිටියි. අවශ්‍ය විටෙක පිතිකරණයෙන්ද දක්ෂතා දැක්වීමට සමත්වූ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයා ටෙස්ට් අංශයෙන් ලකුණු 928 ක් සහ එක්දින තරග අංශයෙන් ලකුණු 244 ක් ලබා සිටියි.

“මව්බිමට ගෞරවයක් රැගෙන ඒම සඳහා මා කෙරෙහි විශ්වාසය තබමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ වෘත්තීය ජීවිතය මෙන්ම පෞද්ගලික දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා”යි සිය දැනුම් දීමේ ලියිපෙන් සුරංග ලක්මාල් සඳහන් කර තිබේ.

2009 වසරේ සීට 2022 වසර දක්වා වූ කාල සීමාව ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් උරදුන් සුරංග ලක්මාල්ගේ තීරණය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැඩි දායකත්වයක් ලබා දුන් ලක්මාල්, ඔශුගේ තරග දිවියේදී අමතක නොවන පන්දු යැවීමක නිරත වූ බවද සඳහන් කර සිටින ප්‍රධාන විධායක නිලධාරීවරයා එය මෙරට ක්‍රිකට් සමඟ සදා අමරණීය මතකයක් එක් කරනු ඇති බවද සඳහන් කර සිටියේය.

 “ඔහුගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා කියලා මා මේ අවස්ථාවේදී ඔහුට සුභ පැතුම් එක්කර සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා තේරීම් කමිටුව විසින් ඔහුට අවස්ථාවක් ලබා දුනහොත්, හොඳින් දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා ” යැයි ඈෂ්ලී ද සිල්වා මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.



⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර SL22 ලෙස PROMO CODE එක යොදන්න.


ලියාපදිංචි වීමේ ලින්කුව – www.1xlanka.com 

ප්‍රොමෝ කෝඩ් – SL22



Comments

Popular posts from this blog

සිව්දින තරගාවලියේ මංගල ශතකය

අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළ

ශ්‍රී ලාංකේය ටෙස්ට් වංශ කතාවට වසර 40 ක් සපිරෙයි