ශ්‍රී ලංකාවේ අපරාජිත බලාපොරොත්තුව බිඳ වැටෙයි

  


තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අත්‍යවශ්‍ය වූ තෙවැනි විස්සයි-20 තරගයේදීද ඉදිරි පෙළ පිතිකරුවන් දුර්වල වීම නිසා කිසිදු අපහසුවකින් තොරව කඩුලු 6 ක පහසු ජයක් කරා ගිය ඔස්ට්‍රේලියානුවෝ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට අද (15 දා) සමත්වූහ.

ලකුණු 122 කට සංචාරක පිල සීමා කළ ඔස්ට්‍රේලියානුවෝ සිය ඉලක්කය සපුරා ගන්නා ලද්දේ තවත් පන්දු 19 ක් සහ කඩුලු 6 ක් සන්තකයේ තබා ගනිමිනි. අඩු ලකුණු සංඛ්‍යාවක් වුවද පළමු පන්දුවේදීම බෙන් මැක්ඩර්මට්ව දවා ගනිමින් සාර්ථක ප්‍රවේශයක් ලබා දීමට මහීෂ් තීක්ෂණ සමත්විය. එතැකින් නොනැවතුණු හේ පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබමින් පැමිණි ඇෂ්ටන් ඒගාර්ව මුලු ලකුණු සංඛ්‍යාව 26 දී දවා ගනිමින් ආක්‍රමණකාරී වටපිටාවක් සකස් කළද සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අසමත්වීම, ඔස්ට්‍රේලියානු හඹා යෑමට අභියෝගයකට ලක් කිරීමට නොහැකිවීමට හේතු විය.

ක්‍රීඩාංගණය තුළ වූ ආත්ම විශ්වාසය බිඳී යෑම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට රැක ගත හැකි ආකාරයේ උඩ පන්දු කීපයක්ම අහිමිවූවේය. ඒ අතරතුරදී පන්දු 26 කදී ලකුණු 39 ක් රැස් කරගත් ග්ලෙල් මැක්ස්වෙල් සහ පන්දු 36 කදී ලකුණු 35 ක් රැස් කරගත් නායක ඇරන් ෆින්ච් ජයග්‍රහණය සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනු ලැබීය. ආධුනික පිතිකරුවකු වුවද ලකුණු ලබා ගැනීමේ වේගය හොඳින්ම රඳවා ගත් ජොෂ් ඉංග්ලිෂ් පන්දු 18 කදී ලකුණු 21 ක් රැස් කරගනු ලැබුවේ හතරේ පහර 2 ක් පමණක් ඇතුළත් කර ගනිමිනි.

පන්දු යැවීමේදී නුවන් තුෂාර ආබාධයකට ලක්වීම නිසා ඔහුට ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ පන්දු 7 ක් පමණි. දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුව යැවීමත් සමඟ ඔහු ආබාධයකට ගොදුරුවීම නිසා එම පන්දුවාරය චාමික කරුණාරත්න විසින් සම්පූර්ණ කරනු ලැබීය. සෙසු පන්දු යවන්නන්ට අවස්ථාවක් ලබා නොදීමට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් සමත්වුවත් තම ආක්‍රමණශීලී පන්දු යැවීම එලෙසින්ම ක්‍රියාත්මක කළ තීක්ෂණ තෙවැනි කඩුල්ල ලෙසින් ඇෂ්ටන් ඒගර්ගේ කඩුල්ලද දවා ගත්තේය. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයකු වන ඒගාර්ට රැස් කරගත හැකි වූයේ පන්දු 13 කදී ලකුණු 13 කි.

කාසියේ වාසිය අහිමිව පළමුව පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව 40 ක් වන විට ඉදිරි පෙළ පිතිකරුවන් සිව්දෙනාම දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී පිට පිටම තෙවැනි වතාවටත් ධනුෂ්ක ගුණතිලක ලකුණු 10 කට අඩුවෙන් දැවී යෑම ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක් විය. ස්කූප් පහරක් කරා යෑමට ගොස් ගුණතිලක කඩුල්ල අහිමි කර ගන්නා විට පන්දු 5 කදී ලකුණු 09 ක් රැස් කරගෙන සිටියේය. ඔහුට අමතරව චරිත් අසලංකද නිරපරාදේ පහරක් එල්ල කිරීමට ගොස් කඩුල්ල අහිමිකර ගන්නා විට මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට ලකුණු 23 ක් ලෙසින් සටහන් විය.

කෙසේ වෙතත් වගකීම් විරහිතව දැවී ගිය සියලු දෙනාටම ආදර්ශනයක් වෙමින් පන්දුවට පහර දුන් නායක දසුන් ශානක පන්දු 38 කින් ලකුණු 39 ක් ලබා ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට පෙරමුණ ගත්හ. පන්දු වැඩියෙන් (53) ක් වැය වුණිද නායකයාත්, දිනේෂ් චන්දිමාලුත් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 47 නොවන්නට ලංකා පිල ලකුණු 100 කට අඩුවෙන් දැවී යෑමේ අවධානමක් පැවැතිණ.

කොවිඩ් ආසාධනය වීමෙන් පසු පළමු තරග 2 ට ක්‍රීඩා කිරීම අහිමිවූ කුසල් මෙන්ඩිස් ලකුණු අතරට ඒමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියදී ලකුණු 4 කට දැවී ගියේ ඇෂ්ටන් ඒගර්ගේ පෙරළා උඩ පන්දුවක් රැක ගැනීමෙනි. ඩැනියල් සෑම්ස්ගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ පැතුම් නිස්සංක ලකුණු 16 කට දැවී ගියේ ශ්‍රී ලංකා පිල තවත් අසීරුවට පත් කර දමමිනි.

ශ්‍රී ලංකා පිල සතු ප්‍රබලම තුරුම්පුව වුණු වනිඳු හසරංගට කොවිඩ් වෛරසය ආසාධනය වීම නිසා මෙම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූ අතර ඔහු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සි පැමිණ තිබුණු අතර ඔහු එක් කඩුල්ලක් දවා ගත්තේය. ඊට අමතරව ශ්‍රී ලංකා පිල එක් වෙනස්කමක් සහිතව හෙවත් අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට කුසල් මෙන්ඩිස් සමඟ අද තරගයට අවතීර්ණ විය.



⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර SL22 ලෙස PROMO CODE එක යොදන්න.


ලියාපදිංචි වීමේ ලින්කුව – www.1xlanka.com 

ප්‍රොමෝ කෝඩ් – SL22



Comments

Popular posts from this blog

සිව්දින තරගාවලියේ මංගල ශතකය

අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළ

ශ්‍රී ලාංකේය ටෙස්ට් වංශ කතාවට වසර 40 ක් සපිරෙයි