දින 27 ක් මුලුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින ක්රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන් පැවැති අවසන් මහ තරගයේදී කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කැන්ඩි කණ්ඩායමට එරෙහිව ලකුණු 37 ක ජයක් වාර්තා කළ සදීර සමරවික්රමගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ක්රීඩකයෝ අභිනව නැෂනල් සුපර් ලීග් ශූරයින් ලෙසින් අද (19 දා) කිරුළු පැළඳූහ. මෙරට පවත්වනු ලබන ප්රධානතම දේශීය තරගාවලියේ තරගාවලියේ ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 20 ක මුදලක්ද ජැෆ්නා කණ්ඩායම දිනාගනිද්දී අනුශූරතාවයට පත් කැන්ඩි කණ්ඩායමට මුදලින් ලක්ෂ 10 ක් හිමිවිය. ජැෆ්නා කණ්ඩායම ශූරතාව දක්වා ගෙන යෑමේ තිරය පිටුපස මහා මෙහෙයක් සිදුකරන ලද ප්රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද්දේ තිළිණ කණ්ඩම්බි මහතාය. එල්.පී.එල්. තරගාවලි ද්විත්වයේදීම ශූරතාව දිනා ගැනීම සඳහා ජැෆ්නා කණ්ඩායමේ මහ මොළකරු ලෙසින් කටයුතු කරන ලද තිළිණ කණ්ඩම්බි මහතා, නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළද යාපනයට දිනාදීමට සමත්වීම, පුහුණුකරුවකු ලෙසින් ඔහු සතුව හැකියාව කොතෙක්ද යන්නට හොඳම මිණුම් දණ්ඩකි. එම කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ටෙස්ට් ක්රීඩකයක
Comments
Post a Comment